ගුත්තිල වෙණ නද පාඩම උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?
ගුත්තිල කාව්‍යය
ගුත්තිල කාව්‍යය රචනා කළේ කවු ද?
වෑත්තෑවේ හිමි
වෑත්තෑවේ හිමි උපන් ප්‍රදේශය කුමක් ද?
වයඹ පළාතේ, සත් කෝරළයේ, පහළ දොළොස් පත්තුවේ, වෑත්තෑව නම් ගම
ගුත්තිල කාව්‍ය රචනා වූයේ කුමන සාහිත්‍ය යුගයේ ද?
කෝට්ටේ යුගයේ
ගුත්තිල කාව්‍යයේ එන කවි ගණන කීය ද?
511 යි
ගුත්තිල කාව්‍යයේ බස් වහර කෙබඳු ද?
ජන කවියේ භාෂාවට ආසන්න සරල බස් වහරකි
ගුත්තිල කාව්‍ය අදාළ වන කාව්‍ය විශේෂය කුමක් ද?
ජාතක කතා කාව්‍ය
ගුත්තිල කාව්‍ය රචනා වූයේ කවර රජ සමයක ද?
සිරි පැරකුම්බා රජ සමයේ
ගුත්තිල කාව්‍ය රචනා කිරීම සඳහා ආරාධනා කළේ කවු ද?
සලාවත ජයපාල මැතිඳුන්
වෑත්තෑවේ හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ කවු ද?
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්
ගුත්තිල කාව්‍ය රචනා කිරීමට හේතු වූයේ කුමක් ද?
කතුහිමි තමා අකෘතඥයෙකු නොවන බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට (ගුරු හිමිට) ඇඟවීම සඳහා
ගුත්තිල කවියේ ආරම්භක පද්‍ය ලියා දක්වන්න
සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
සිය පින් සිරින් සරු ලෙස ගුත්තිල කාව්‍යය ආරම්භ කර ඇත්තේ කුමන ගණයෙන් ද?
ලඝු අකුරු දෙකක් හා ගුරු අකුරකින් යුතු වායු ගණයෙන්
පාඩමට නිර්දිෂ්ට ගුත්තිල කාව්‍යයේ කවි ලියා දක්වන්න