අඟුල්මල් දමනය පාඩම උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?
අමාවතුර
අමාවතුර කෘතියේ කතුවරයා කවු ද?
ගුරුළුගෝමී පඬිතුමා
අමාවතුර ලියැවුණු යුගය ලෙස සැලකෙන යුගය කුමක් ද?
පොළොන්නරු යුගය
අමාවතුර කෘතියෙහි එන පරිච්ඡේද ගණන කීය ද?
18 කි
අමාවතුරෙහි ඇතුළත් මුළු කතා ගණන කීය ද?
24 කි
ධර්මප්රදීපිකාව නම් ග්‍රන්ථයේ කතුවරයා කවු ද?
ගුරුළුගෝමී පඬිවරයා
ධර්මප්රදීපිකාව රචනා කිරීම සඳහා මූලාශ්‍ර වන්නේ කුමක් ද?
මහා බෝධි වංශ ගැටපදය
අමාවතුරෙහි එන පළවෙනි පරිච්ඡේද හතර කුමක් ද?
අඟුල්මල් දමනය අමවතුරෙහි කී වන පරිච්ඡේදය ද?
7 වන පරිච්ඡේදය
අමාවතුරෙහි නාග දමනයට අයත් වන සතුන් දෙදෙනා කවු ද?
අමාවතුර ග්‍රන්ථයෙන් විස්තර වන බුදු ගුණය කුමක් ද?
පුරිස දම්ම සාරථි ගුණය
අමාවතුරෙහි නාග දමනය නම් පරිච්ඡේදය එහි කී වැනි පරිච්ඡේදය ද?
14 වැනි පරිච්ඡේදය
අමාවතුර රචනා කිරීමෙහි ලා කතුවරයාගේ බලාපොරොත්තුව කුමක් ද?
නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ
පාලි හා සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂවෙන්) මෙම ග්‍රන්ථය කර ඇති බව
අමාවතුර කෘතියේ අඟුල්මල් දමනය පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ කුමක් ද?
අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යාම දක්වා කතාව
අනෙක් ග්රන්ථවලට සාපේක්ෂ ව අමාවතුර ග්රන්ථයෙහි දැකිය හැකි විශේෂතාව කුමක් ද?
සංක්ෂිප්ත බව