බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ලද උදාන ගාථාව සහ එහි තේරුම ලියන්න
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරක ගවේසන්තෝ
දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගේහං නකාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා
මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි. එහෙත් දක්නට නො ලැබුණි. දැන් මම ඒ වඩුවා දුටුවෙමි. යළි නුඹට මේ පංචස්කන්ධය නමැති ගෙය සෑදීමට හැකියාවක් නො මැත. ගෙයි පරාල බිඳ දැමුවෙමි. කැණිමඬල සුන් කළෙමි. තණ්හාව ක්ෂය කොට රහත් බවට පැමිණියෙමි.
මාර දූවරුන් තිදෙනා නම් කරන්න
පාසල් සිසුන් වන අපගේ ඉදිරි දියුණුවට අවහිර විය හැකි බලවේග මොනවා ද?
අභියෝගවලට සාර්ථක ව මුහුණ දීම සඳහා අප සතුව තිබිය යුතු ගුණාංග මොනවා ද?
බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් තනතුරු පිළිබඳ ව අතෘප්තිමත් ව සිටි හිමි නම කවු ද?
චන්න හිමි
බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා අතර කලහයක් ඇති වූයේ කුමක් මුල් කරගෙන ද?
වැසිකිලි පරිහරණයේ දී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල් කරගෙන
ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා අතර වූ කලහය සංසිඳීම සඳහා උන්වහන්සේ වැඩම කළේ කොහේට ද?
පාරිලෙය්‍ය වනයට
සිව්පසය නම් කරන්න
බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් අභියෝග මොනවා ද?
වැසිකිළි පරිහරණයේ දී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල් කරගෙන ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා අතර කලහයක් ඇති වූයේ කුමන විහාරයේ ද?
ඝෝෂිතාරාමයේ දී
බුදු සිරිතේ අභියෝගාත්මක සිදුවීම් හා බුදුහිමි ඒවාට මුහුණ දුන් ආකාරය අනුව පාසල් සිසුන් වන අපට ගත හැකි ආදර්ශ පිළිබඳව කෙටි සටහනක් ලියන්න.1
(Not answered yet…)
බුදු සිරිතේ අභියෝගාත්මක සිදුවීම් හා බුදුහිමි ඒවාට මුහුණ දුන් ආකාරය ආදර්ශයට ගෙන අපේ අභියෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?2
(Not answered yet…)
අක්කෝධේන ජිනේ කෝධං යන ගාථාව හා එහි තේරුම ලියන්න
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං
ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජය ගත යුතු ය. අයහපත කරන්නා යහපත කිරීමෙන් ජයගත යුතු ය. මසුරු කරන්නා දන් දීමෙන් ජය ගත යුතු ය. බොරු කියන්නා සත්‍ය වචනයෙන් ජය ගත යුතු ය.