සසර දුක් මොනවා ද?
සීලය අර්ථ දක්වා ඇති ආකාර මොනවා ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සීල ශික්ෂාවට අයත් කරුණු මොනවා ද?
සීලයේ ආකාර දෙක කුමක් ද?
වාචසික සීලය යනු කුමක් ද?
කායික සීලය යනු කුමක් ද?
ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන සාවද්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී කරුණාව මෛත්‍රිය දැක්වීම, දුන් දේ ගැනීම හා විරුද්ධ ලිංගිකයන් ශිෂ්ට සම්මත පරිදි ඇසුරු කිරීම
- කායික වශයෙන් නොකළයුත්ත හෙවත් විරිත් හැර පියා සිරිත් අනුගමනය කිරීම
බුදුරජාණන් වහන්සේ සීලය ඇතුළත් කර ඇති බෞද්ධ ඉගැන්වීම් මොනවා ද?
ශික්ෂා පද ගණන අනුව ශීලය බෙදා ඇති ප්‍රභේද මොනවා ද?
පොහොය අටසිල් රැකීමට අදාළ සීලය කුමක් ද?
උපෝසථ අෂ්ටාංග ශීලය
පංච ශීලයට අමතර ව පොහොය අටසිල්වල අඩංගු ශික්ෂාපද මොනවා ද?
ආජීව අෂ්ටමක සීලයට අයත් වන ශික්ෂා පද මොනවා ද?
උපෝසථ අෂ්ටාංග සීලයට සාපෙක්ෂව දස සීලයේ දක්නට ලැබෙන වෙනස්කම් මොනවා ද?
ලෝවැඩ සඟරාව රචනා කළේ කවු ද?
වීදාගම ආනන්ද මෛත්‍රේය හිමි
කාලා රසමුසු බෝජන කර පෙම් යන කවිය සම්පූර්ණ කරන්න
කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසි ලෙස සැරහුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්
- ලෝවැඩ සඟරාව
සූජීවං අහිරිකේන යන ගාථාව අයත් ධම්මපද වග්ගය කුමක් ද?
මල වග්ගය
සුජීවං අහිරිකේන යන ගාථාව හා එහි තේරුම ලියන්න
සුජීවං අහිරිකේන
කාක සූරේන ධංසිනා
පක්ඛන්දිතා පගබ්භේන
සංකිලිට්ඨේන ජීවිතං
කවුඩෙකු මෙන් ගසා කෑමෙහි ශූර වූ, එබඳු හැකියාවන් ඇති, පවෙහි ලජ්ජා නැති, අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන කිලිටි ගති පැවතුම් ඇති තැනැත්තාට ජීවත් වීම ඉතා ලෙහෙසි ය.
- ධම්මපදය : මල වග්ගය