බුදු දහමට අනුව උතුම් ම ලාභය කුමක් ද?
නිරෝගිකම
දානා දී පින්කම් කරන්නවුන්ට ලැබෙන සතර සම්පත්ති මොනවා ද?
මානසික දියුණුව සලසන බෞද්ධ ප්‍රතිපදාව කුමක් ද?
සමාධිය
පරිසරය පවිත්‍ර ව තබා ගැනීම සඳහා නො කළ යුතු යැයි භික්ෂූන්ට ලබා දී ඇති උපදෙස් මොනවා ද?
භික්ෂූන් වහන්සේලා සෙනසුන් පවත්වාගෙන යා යුතු ආකාරය පැහැදිලි කර ඇති විනය වත කුමක් ද?
සෙනසුන්වත
සෙන්සුන්වතෙහි එන කරුණු දීර්ඝ ලෙස විග්රහ කරන දේශනය කුමක් ද?
චුල්ලවග්ග පාලියේ, වත්තක්ඛන්දකයෙහි
බුදුරජාණන් වහන්සේ බලවත් ම රෝගය ලෙස දක්වා ඇත්තේ කුමක් ද?
කුසගින්න
ජිගච්ඡා පරමා රෝගා යන්නෙහි අර්ථය කුමක් ද?
කුසගින්න බලවත් ම රෝගය බව
ආහාරෙ මත්තඤ්ඤුතා යන්නෙහි අර්ථය කුමක් ද?
ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම
ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව දක්වා ඇති සූත්‍රය කුමක් ද?
භද්දාලි සූත්‍රය
භද්දාලි සූත්‍රයේ එන ආහාරයෙහි පමණ දැන අනුභව කිරීම නිසා ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවා ද?
කුස පුරා ආහාර අනුභව කිරීම නිසා මහත් අපහසුතාවයට පත් ව ධර්ම ශ්‍රවණය සඳහා බුදුරදුන් සමීපයට පැමිණි රජු කවු ද?
කොසොල් රජු
භික්ෂූන් වහන්සේලාගේ කායික නිරෝගිභාවය සලකා සක්මන් මළුව අනුමත කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ කවු ද?
ජීවක වෛද්‍යවරයා
වාරිජෝව ථලෙ ඛිත්තො යන ගාථාව හා එහි තේරුම ලියන්න
වාරිජෝව ථලෙ ඛිත්තෝ
ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං
මාරධෙය්යං පහාතවේ
ජලයෙන් ගොඩට ගෙන බිම තැබූ මත්ස්‍යයකු මෙන් මෙම සිත ක්ලේශ ධර්ම හේතුවෙන් සැලෙයි. එබැවින් එන ක්ලේශ ධර්ම දුරැලිය යුතු ය.
මනුජස්ස සදා සතිමතෝ යන ගාථා දෙක ලියන්න
මනුජස්ස සදා සතිමතෝ
මත්තං ජානකෝ ලද්ධ භෝජනේ
තන්දු තස්ස භවන්ති වේදනා
සනිකං ජීරති ආයු පාලයං
චත්තාරෝ පංච ආලෝපේ
අභූත්වා උදකං පිමේ
අලං ඵාසු විහාරාය
පහිතත්තස්ස භික්ඛුනෝ