බුදු දහම හා ශ්‍රී ලාංකික ජන සමාජය අතර සබැඳියාව ශක්තිමත් වීමේ ප්‍රතිඵල මොනවා ද?
වෙනත් සත්ත්ව වර්ග අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් දැක්වීමට බොහෝ සාධක ඇතත් මිනිසා පිළිබඳ ව එසේ වෙනස්කම් දැක්විය නො හැකි බව සඳහන් වන සූත්‍රය කුමක් ද?
වාසෙට්ඨ සූත්‍රය
වාසෙට්ඨ සූත්‍රයේ සඳහන් වන්නේ කුමක් ද?
මිනිසුන්ගේ සිරුරු වෙන් වෙන් වශයෙන් ගත් කල වෙනසක් නැති බවටත්, ලිංග ජාති වශයෙන් සමානත්වයක් ඇති බවත්
සතර සංග්‍රහ වස්තු උගන්වා ඇති සූත්‍රය කුමක් ද?
සිගාලෝවාද සූත්‍රය
සතර සංග්‍රහ වස්තු නම් කරන්න
සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න
-මෙත්තා
- කරුණා
- මුදිතා
- උපේක්ඛා
මුදිතා යනු කුමක් ද?
අන්‍යයන්ගේ දියුණුව දැක සතුටු වීම
උපෙක්ඛා යනු කුමක් ද?
සැම විට ම මධ්‍යස්ථ ව කටයුතු කිරීම
බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් සහජීවනයෙන් ජීවත් වීම සඳහා වැදගත් වන බෞද්ධ ඉගැන්වීම් මොනවා ද?