‘පාර’ යන්නෙහි අර්ථය කුමක් ද?
පාරමිතා යන්නට දී ඇති අර්ථ දැක්වීම් දෙක කුමක් ද?
දස පාරමිතාවලට හඳුන්වනු ලබන අනෙක් නම කුමක් ද?
බුද්ධකාරක ධර්ම හෙවත් බුදුකුරු දහම්
පාරමිතා දහය නම් කරන්න
‘දානං සීලං ච නෙක්ඛම්මං’ යන ගාථාව ලියා දක්වන්න
දානං සීලං ච නෙක්ඛම්මං
පඤ්ඤා වීරියේන පංචමං
ඛන්ති සච්චමධිට්ඨානං
මෙත්තුපෙක්ඛාතිමේ දස
පාරමිතා ගුණ ධර්ම පුහුණු කරන්නෙක් ඒවා පිරීමේදී අත් හැරිය යුතු කරුණු මොනවා ද?
පාරමිතා ගුණ ධර්ම පුහුණු කරන්නෙක් ඒවා පිරීමේ දී ජීවිතයට එක් කළ යුතු අංග මොනවා ද?
පාරමිතාවක් බෙදෙන කොටස් තුන කුමක් ද?
තුන්තරා බෝධිය නම් කරන්න
තිස් වැදෑරුම් පාරමිතා පූරණය කළ යුතු වන්නේ කුමන බෝධියකින් නිවන් දැකීම සඳහා ද?
බුද්ධත්වය ලබා ගැනීම සඳහා
පසේ බුදුවරයෙක් වීම සඳහා සම්පූර්ණ කළ යුතු පාරමිතා ගණන කීය ද? ඒ මොනවා ද?
අරහත් ඵලය හෙවත් රහත් බවට පත් වීම සඳහා ප්‍රගුණ කළ යුත්තේ කුමන පාරමිතා ධර්ම ද?
මූලික පාරමිතා දහය
දානය යනු කුමක් ?
තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අත් හැර අපේක්ෂාවකින් තොර ව දීම දානය යි
දානයේ ආකාර දෙක කුමක් ද?
පූජා බුද්ධියෙන් දෙන දානය යනු කුමක් ද?
තමන්ට වඩා උසස් සීලා දී ගුණ ධර්මවලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම
අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු කුමක් ද?
කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් යමක් පරිත්‍යග කිරීම
දානය පාරමිතාවක් වීමට නම් එය සිදු කළ යුතු ආකාරය දක්වන්න
තණ්හාවෙන්, මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් එය සිදු කළ යුතු ය
බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පිළිබඳ ව කියවෙන ජාතක කතාව කුමක් ද?
වෙස්සන්තර ජාතකය
බුදුරජාණන් වහන්සේ දාන උපපාරමී පිරීම පිළිබඳ සඳහන් වන ජාතක කතාව කුමක් ද?
සිවි ජාතකය
බුදුරජාණන් වහන්සේ දාන පරමත්ථ පාරමී පිරීම පිළිබඳ සඳහන් වන ජාතක කතාව කුමක් ද?
සස ජාතකය
සීලය යනු කුමක් ද?
කායික සීල සංවරයට අයත් වන්නේ කුමන අකුසලයන්ගෙන් වැළකීම ද?
වාචසික සීල සංවරයට අයත් වන්නේ කුමන අකුසලයන්ගෙන් වැළකීම ද?
සීල පාරමිතාව පිරිය යුත්තේ කෙසේ ද?
තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යාදෘෂ්ටියෙන් තොර ව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සීලය ආරක්ෂා කිරීම මගින්