’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය රචනා කළේ කවු ද?
පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්
’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය ගායනා කරන්නේ කවු ද?
එඩ්වඩ් ජයකොඩි ශූරීන්
’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය සඳහා සංගීතය සපයා ඇත්තේ කවු ද?
ආචාර්ය රෝහණ වීරසිංහ
බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රය දේශනා කළේ කා හට ද?
අනේපිඬු සිටුතුමාට
පත්තකම්ම සූත්‍රයේ සඳහන් වන්නේ කුමක් ද?
උට්ඨාන වීර්යයෙන්, දෑතේ මහන්සියෙන්, දහදිය හෙලා, ධාර්මික ව උපයා ගත් ධනය වැය කරන ආකාරය
පංච බලි නම් වූ යුතුකම් පහ දක්වා ඇති සූත්‍රය කුමක් ද?
පත්තකම්ම සූත්‍රය
පත්තකම්ම සූත්‍රයේ එන පංච බලි නම් වූ යුතුකම් පහ ලියා දක්වන්න
ඥාති බලි යනු කුමක් ද?
උපයා ගත් ධනයෙන් ඥාතීන්ට සැලකීම
අතිථි බලි යනු කුමක් ද?
ආගන්තුක සත්කාරය
පුබ්බපේත බලි යනු කුමක් ද?
මියගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කිරීම
රාජ බලි යනු කුමක් ද?
රටවැසියන් ලෙස රජයට යුතුකම් ඉටු කිරීම, බදු ගෙවීම
දේවතා බලි යනු කුමක් ද?
දෙවියන්ට පින් දීම
පත්තකම්ම යන්නෙහි අර්ථය කුමක් ද?
පත්තකම්ම සූත්‍රයේ ධන පරිහරණයට අදාළ ව එන කරුණු ලියා දක්වන්න
දානඤ්ච ධම්ම චරියාච යන ගාථාව හා එහි තේරුම ලියන්න
දානඤ්ච ධම්ම චරියාච
ඤාතකානඤ්ච සංඝහෝ
අනවජ්ජානි කම්මානි
ඒතං මංගල මුත්තමං
දන් දීම, ධර්මයෙහි හැසිරීම, නෑයන්ට සංග්‍රහ කිරීම, නිවැරදි කර්මාන්ත කිරීම මංගල කරුණු හෙවත් පුද්ගල දියුණුවට හේතු වන පිළිවෙත් වන්නේ ය