දඹදෙණි යුගයේ දී රචනා වී ඇති ග්රන්ථ මොනවා ද?
කුරුණෑගල රාජධානි ප්‍රදේශය හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
හස්ති ශෛලපුර
කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වී ඇති ග්රන්ථ මොනවා ද?
ථූපවංසය නම් ග්‍රන්ථය රචනා කර ඇත්තේ කවුරුන් විසින් ද?
විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත
ථූපවංසය ග්‍රන්ථයේ දැක්වෙන්නේ කුමක් ද?
රුවන්සැලි සෑය පිළිබඳ තොරතුරු
ගම්පොළ සාහිත්‍ය යුගයේ ඇති විශේෂතාව කුමක් ද?
සිංහල සංදේශ කාව්‍ය ලියැවීම ආරම්භ වීම
ගම්පොළ යුගයේ ලියා ඇති සංදේශ මොනවා ද?
මයුර සංදේශය ලියැවෙන්නේ කුමන රජුගේ කාලයේ ද?
පස්වන බුවනෙකබාහු රජුගේ කාලයේ
මයුර සංදේශයේ පණිවිඩය යැවෙන්නේ කා හට ද?
ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙතට
නිකාය සංග්‍රහය හඳුන්වන අනෙක් නම කුමක් ද?
ශාසනාවතාරය
නිකාය සංග්‍රහය රචනා කර ඇත්තේ කවු ද?
ද්විතීය ධර්මකීර්ති නාහිමිපාණන්
ගම්පොළ සාහිත්‍ය යුගයේ රචනා වූ ග්රන්ථ මොනවා ද?
සව්සත කෙළ පැමිණි යන කවිය සම්පූර්ණ කරන්න
සව්සත කෙළ පැමිණි
ගුරුවරුන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි
සියල්ලෝ වියතුන්ට සිළුමිණි
ලෝවැඩ සඟරාව ග්‍රන්ථය රචනා කළේ කවු ද?
වීදාගම මෛත්‍රේය නාහිමිපාණන්
මුල් ම කවි බණ පොත ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ලෝවැඩ සඟරාව
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ග්රන්ථ මොනවා ද?
වීදාගම මෛත්‍රේය නාහිමිපාණන් විසින් රචිත ග්රන්ථ මොනවා ද?
කෝට්ටේ යුගයේ ලියැවුණු ග්රන්ථ මොනවා ද?
කෝට්ටේ යුගයේ රචිත සංදේශ කාව්‍ය මොනවා ද?
කය නම් අසාර ය යන කවිය ලියන්න
කය නම් අසාර ය
බව නම් භයංකාරය
කියනුව දිවා රැය
කෙරෙම් බුදුගුණ අලංකාරය
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළේ කවු ද?
අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්
කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළේ කවු ද?
අතිපූජ්‍ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන්
සිදත් සඟරාව ලියැවුණු යුගය කුමක් ද?
දණදෙණි යුගය
ථූපවංසය ලියැවුණු යුගය කුමක් ද?
කුරුණෑගල යුගය