බුදු දහමෙහි හොඳ ක්රියා හඳුන්වන නම් මොනවා ද?
කර්ම යනු මොනවා ද?
චේතනාව මුල් කොට ගත් යහපත් සහ අයහපත් ක්රියා දාමයන්
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ කළ ප්රකට දේශනාව කුමක් ද?
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
“මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන්, වචනයෙන්, මනසින් කර්ම කරයි”
පුනර්භවය පිළිබඳ අත්දැකීමෙන් දැන ගැනීමට උපකාරී වන ඤාණ මොනවා ද?
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද?
පෙර පැවැත්ම දැකීමේ නුවණ
චුතූපපාත ඤාණය යනු කුමක් ද?
සත්ත්වයාගේ මතු පැවැත්ම දකින නුවණ
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ සැවැත්නුවර ජේතවනාරාමයේ දී තෝදෙය්ය පුත්ර සුභ නම් තරුණයාට දේශනා කළ සූත්රය කුමක් ද?
චුල්ලකම්ම විභංග සූත්රය
තෝදෙය්ය පුත්ර සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ මෙලොව මිනිසුන් අතර දක්නට ලැබෙන විශමතා ගණන කීය ද? ඒ මොනවා ද?
14 කි,
පුද්ගල විසමතා ඇති වීමට හේතු මොනවා දැයි සුභ මානවකයා ඇසූ පැනයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?
“මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය කරණ කොට ඇත්තාහ. කර්මය නෑදැකොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය නිසා මේ පුද්ගලයන්ගේ හීන බව සහ උසස් බව ඇති වේ”
පුද්ගල විසමතා ඇති වීමට බලපාන කර්ම-ඵල සම්බන්ධය ලියා දක්වන්න