බුදු දහමේ මූලික ඉගැන්වීම කුමක් ද?
පටිච්ච සමුප්පාදය
පටිච්ච සමුප්පාදය මගින් විවරණය කොට තහවුරු කරන බෞද්ධ සිද්ධාන්ත මොනවා ද?
යමෙක් පටිච්චසමුප්පාදය නුවණැසින් දකී ද යන පාඨය සම්පූර්ණ කරන්න
යමෙක් පටිච්චසමුප්පාදය නුවණැසින් දකී ද
හෙතෙම ධර්මය නුවණැසින් දකී
යමෙක් ධර්මය නුවණැසින් දකී ද
හෙතෙම පටිච්චසමුප්පාදය නුවණැසින් දකී
‘ඔබ වහන්සේගේ ශාස්තෲවරයා දේශනා කරන දහම කුමක් දැ’ යි උපතිස්ස පිරිවැජියා ඇසූ විට අස්සජි මහරහතන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?
’‘'’හේතු ප්‍රත්‍ය ඇති කල ඇති වන්නා වූ ධර්මයෝ හේතු ප්‍රත්‍ය නැති කල නැති වෙත්’’ යන මෙකී දහම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබේ’’
ඉමස්මිං සති ඉදං හෝති යන ගාථාව සහ එහි තේරුම ලියන්න
ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති
ඉමස්මිං අසති ඉදං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති
මෙය ඇති කල්හි මෙය ඇති වේ
මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
මෙය නැති කල්හි මෙය ඇති නො වේ
මෙය නැති වීමෙන් මෙය නැති වේ
පටිච්චසමුප්පාදය බෙදෙන ආකාර දෙක කුමක් ද?
පටිච්ච සමුප්පාදයේ අනුලෝම දේශනාව යනු කුමක් ද?
පටිච්චසමුප්පාදයේ පටිලෝම දේශනාව යනු කුමක් ද?
දුක්ඛ යන බුද්ධ වචනයේ අර්ථය කුමක් ද?
සංසාරයේ අසාර, අතෘප්තකර, හිස්, අර්ථ ශූන්‍ය බව
දිළින්දන්ට ධනෝපායන මාර්ග නැති වීම නිසා සමාජ ප්‍රශ්න ඇති වන ආකාරය සහ ඔවුන්ට ධනය ලැබීමෙන් එම ප්‍රශ්න නැති වන ආකාරය පටිච්චසමුප්පාදයට අනුව පෙන්වා දී ඇති සූත්‍රය කුමක් ද?
චක්කවත්තී සීහනාද සූත්‍රය
තණ්හාව මුල් කරගෙන සමාජ කෝලාහල ඇතිවන ආකාරය අනුලෝම පටිච්චසමුප්පාදය ඇසුරින් දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
මහා නිදාන සූත්‍රය
භෞතික ධර්ම යනු මොනවා ද?
දර-ගිනි යන භෞතික වස්තු අතර ඇති සම්බන්ධය දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
අග්ගිවච්චගොත්ත සූත්‍රය
හේතුඵල න්‍යාය ධර්මය හෙවත් පටිච්චසමුප්පාදය අනුව බැහැර කරන පිළිගැනීම් මොනවා ද?
අනුලෝම හා පටිලෝම පටිච්චසමුප්පාදය හැඳින්වීමට භාවිතා කරන යෙදුම කුමක් ද?
ද්වාදසාංග පටිච්චසමුප්පාද ධර්මය