ත්රිපිටක දේශනාව තුළ හමුවන මෙලොව දියුණුව ප්රමුඛස්ථානයෙහි තබමින්, පරලොව දියුණුව පිළිබඳ සරල ව දේශිත සූත්ර මොනවා ද?
බුදුරජාණන් වහන්සේගෙන් මෙලොව හිත සුව පිණිස ධර්මයක් දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ කවු ද?
කක්කරපත්ත නම් කෝලිය ගමේ වැඩසිටි ව්යග්ඝපජ්ජ වංශික දීඝජාණු නම් කෝලිය පුත්රයා
දීඝජාණු කෝලිය පුත්රයා බුදුරජාණන් වහන්සේ හමු වී පැවසුවේ කුමක් ද?
’‘ස්වාමීනී අපි පස්කම් සුව අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිත ව ගිහි ගෙදර වාසය කරමු; කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු; මල් ගඳ විලවුන් භාවිත කරමු; රන් රිදී මසු කහවණු ඉවසමු; ස්වාමීනී, මෙසේ ජීවත්වන අපට මෙලොව හිතසුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා”
බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත ගමේ සිටි දිඝජාණු කෝලිය පුත්රයාට දේශනා කළ මෙලොව දියුණුවට හේතුවන කරුණු මොනවා ද?
උට්ඨාන සම්පදා යනු කුමක් ද?
තමන් කරන කවර ම හෝ රැකියාවක්,
- උත්සාහයෙන් (උට්ඨාන විරියාධිගතා)
- දෑතේ මහන්සියෙන් (බහාබල පරිචිතා)
- දහදිය හෙළා (සේදාවක්ඛිත්තා)
- ධාර්මික ව (ධම්මිකා)
- ධාර්මික ක්රියා අනුගමනයෙන් (ධම්ම ලද්ධා)
ක්රියාත්මක කළ යුතු බව
බුදුරජාණන් වහන්සේ උට්ඨාන සම්පදාවට අයත් ධාර්මික රැකියා ලෙස දේශනා කර ඇති රැකියා මොනවා ද?
ආරක්ඛක සම්පදා යනු කුමක් ද?
ධනය විනාශවීමට ඉඩ නො දී මැනැවින් ආරක්ෂා කර ගැනීම
ව්යග්ඝපජ්ජ සූත්රයේ ආරක්ඛක සම්පදාවට අයත් ධනය විනාශ වී යා හැකි ක්රම මොනවා ද?
කල්යාණ මිත්තතා යනු කුමක් ද?
යහපත් මිත්රයන් ඇසුරු කිරීම
කල්යාණ මිත්රයන් ආශ්රයෙන් ප්රමුඛත ම කරුණ වන්නේ ඔවුන්ගේ කුමන ගුණ ජීවිතයට එක් කර ගැනීම ද?
සමජීවිකතා යනු කුමක් ද?
ආදායමට වඩා වියදම වැඩි නො කිරීම හෙවත් අය-වැය මනා ව තුලනය කර ගැනීම
අඩු ආදායමක් ඇති ව වැඩියෙන් වියදම් කරන්නා උපමා කර ඇත්තේ කුමකට ද?
උදුම්බරඛාදික හෙවත් අවිචාරයෙන් අත්තික්කා කන්නෙකුට
මහා මංගල සූත්රයේ පුද්ගල දියුණුව සඳහා දේශනා කර ඇති කරුණු ගණන කීය ද?
38 කි
මහා මංගල සූත්රයේ පුද්ගල දියුණුව සඳහා දේශනා කර ඇති කරුණු මොනවා ද?
පරාභව සූත්රය දේශනා කළේ කවුරුන් ඇසූ ප්රශ්නයකට පිළිතුරක් ලෙස ද?
‘පුද්ගලයන් පිරිහීමට හේතු කවරේදැ යි’ දෙවියකු ඇසූ ප්රශ්නයකට පිළිතුරක් ලෙස
පරාභව සූත්රයෙහි එන, ගාථා දොළහකින් දේශනා කර ඇති පුද්ගල පරිහානියට අදාළ කරුණු මොනවා ද?