එක්තරා දෙවි කෙනෙක් පැමිණ ‘‘කවරකුට නම් දිවා රාත්රී පින් වැඩේ ද? කවරෙක් නම් සුගතියට යයි ද?’’ යැයි බුදුරදුන්ගෙන් ඇසූ පැනයට උන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?
'’යමෙක් මල් පලතුරු උයන් වවන්නේ ද, ස්වභාවික වනාන්තර වවන්නේ ද, ඒ දඬු, පාලම්, පැන්හල්, පොකුණු තනා දෙයි ද, ඔවුන්ට දිවා රැය පින් වැඩේ. දැහැමි ව වසන සිල්වත් වූ ඔවුහු සුගතිගාමී වෙති’‘