සිත අපිරිසිදු වන්නේ කුමන සිතිවිලි නිසා ද?
වෛරය, ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතිවිලි නිසා
‘දූරංගමං ඒකචරං’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන සිත දමනය කර ගන්නා තැනැත්තෝ මාරයාගේ බැම්මෙන් මිදෙති
- ධම්මපදය
බුදුරජාණන් වහන්සේ විසින් දිවා රෑ භාවනා කරන පුද්ගලයන් පිළිබඳ ව පවසා ඇත්තේ කුමක් ද?
'’දිවා රෑ දෙකෙහි ම භාවනාවට යොමු කළ සිත් ඇති බුදු සව්වෝ නිරතුරු ප්රබුද්ධ ජීවිතයක් ගත කරති’‘
ප්රබුද්ධ ජීවිතය යනු කුමක් ද?
අලසකමින්, උදාසීනමින් හා අසහනයෙන් තොර ජීවිතයකි
බුදු දහමෙහි භාවනාව ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
කුසල් යන්නෙහි අදහස් තුන මොනවා ද?
බුදු දහමේ සඳහන් වන දෙයාකාර භාවනා මොනවා ද?
සමථය යන්නෙහි අර්ථය කුමක් ද?
සංසිඳුවීම, සංවර කිරීම, සමාදාන කිරීම
සමථ භාවනාව යනු කුමක් ද?
කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව
සමථ භාවනාව හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
චිත්ත භාවනාව
පංච නීවරණ නම් කරන්න
කාමච්ඡන්ද නීවරණය ණයගැතියෙකු ණයහිමිට ඇතිවන බැඳීමකට සමාන කර දක්වා ඇති සූත්‍ර දේශනාව කුමක් ද?
සාමඤ්ඤඵල සූත්‍රය
සාමඤ්ඤඵල සූත්‍රයේ කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ කෙසේ ද?
’‘ණයගැතියකු ණයහිමිට යම් බැඳීමක් ඇති ද, එවිට වහලෙකු මෙන් යටත් වේ’’ ලෙස
ව්‍යාපාද යනු කුමක් ද?
යම් කිසි පුද්ගලයෙක්, වස්තුවක් හෝ ක්‍රියාවක් පිළිබඳ ව ඇති අප්‍රිය ස්වභාවය, විරුද්ධ ස්වභාවය
ව්‍යාපාදය දුරු කළ හැක්කේ කෙසේ ද?
ව්‍යාපාදය පහළ වීම දුරු කළ හැක්කේ කෙසේ ද?
පෙළ දහමට අනුව පිත් රෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරයක කිසිඳු රසයක් නොදැනෙන්නා සේ, සිතට හොඳ නරක හඳුනා ගත නොහැක්කේ කුමක් උපන් විට ද?
ව්‍යාපාදය හෙවත් තරහව උපන් විට
ථිනමිද්ධ යන්නෙහි අර්ථය කුමක් ද?
ථින : සිත කය දෙකෙහි අලස බව
මිද්ධ : සිතෙහි අකර්මණ්‍ය බව, රෝගී බව
ථිනමිද්ධය දුරු කිරීමට කළ හැක්කේ කුමක් ද?
උද්ධච්ච කුක්කුච්ච යන්නෙහි අර්ථය කුමක් ද?
උද්ධච්ච : සිතෙහි පවතින නිසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය
කුක්කුච්ච : කළ නොකළ වරද පිළිබඳ තැවෙන ස්වභාවය
සාමඤ්ඤඵල සූත්‍රයෙහි නොසන්සුන් වූ සිත උපමා කර ඇත්තේ කුමකට ද?
සිර ගෙයක දුක් විඳින්නෙකු ලෙසට
නොසන්සුන් වූ සිත, සිරගෙයක දුක් විඳින්නෙකු මෙන් බව දක්වා ඇති සූත්‍රය කුමක් ද?
සාමඤ්ඤඵල සූත්‍රය
උද්ධච්ච කුක්කුච්ච නීවරණය යටපත් කළ හැක්කේ කෙසේ ද?
සිතෙහි සංසිඳීම හෙවත් සමාධිය ඇති වීම නුවණින් මෙනෙහි කිරීම
විචිකිච්ඡාව යනු කුමක් ද?
සැකය
(අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත හා අනාගත පැවැත්ම පිළිබඳ සිතෙහි ඇතිවන සැකය - G10)