බුදු දගමෙහි ආර්ය යන වචනය යොදා ඇත්තේ කුමන අර්ථයෙන් ද?
උතුම්, ශ්‍රේෂ්ඨ යන අර්ථයෙන්
අරිය මග්ග (දම්සක් පැවතුම් සූත්‍රය) = මජ්ජිම පටිපදා
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කරන්න
නිවැරදි දැකීම හෙවත් සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය බව සඳහන් වන සූත්‍රය කුමක් ද?
සච්චවිභංග සූත්‍රය
සච්චවිභංග සූත්‍රයට අනුව නිවැරදි දැකීම යනු කුමක් ද?
අටුවාවල එන පස් ආකාර සම්මා දිට්ඨිය කුමක් ද?
කම්මස්සකතා සම්මා දිට්ඨිය යනු කුමක් ද?
තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම
ධ්‍යාන සම්මා දිට්ඨිය යනු කුමක් ද?
ලෞකික ධ්‍යාන උපදවාගත් පසු සිල් රැකීමෙන් හා සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවන විශේෂ ප්රතිලාභ නිවැරදි ව දැන ගැනීම
විදර්ශනා සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීම
මාර්ග සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සෝවන් ආදි මාර්ග සිත්වල පහළ වන සිව්සස් අවබෝධ කරගන්නා දැක්ම
ඵල සම්මා දිට්ඨිය යනු කුමක් ද?
සෝවන් ආදි ඵල සිත්වල ඇති වන දැක්ම
අටුවාවල එන පස්වැදෑරුම් සම්මා දිට්ඨියෙන් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වන කොටස් මොනවා ද?
අටුවාවල එන පස්වැදෑරුම් සම්මා දිට්ඨියෙන් ලෝකෝත්තර පුද්ගලයන්ගේ සිත්වලට සීමා වන කරුණු මොනවා ද?
සම්මා සංකප්ප හෙවත් තෙවැදෑරුම් නිවැරදි සිතිවිලි ලියා දක්වන්න
නෙක්ඛම්ම සංකප්ප යනු කුමක් ද?
වස්තු කාම සහ ක්ලේශ කාමයන්ගෙන් වෙන් වී ගිහි ගෙයි සම්බාධ අවබෝධ කරගෙන පැවිදි වීමට පහළ වන සිතිවිලි
අව්‍යාපාද සංකප්ප යනු කුමක් ද?
ද්වේශය, වෛරය, තරහව, ක්‍රෝධය ආදී සිතිවිලිවලින් බැහැර ව මෙත් සහගත් සිතිවිලිවලින් යුතු ව වාසය කිරීම
අවිහිංසා සංකප්ප යනු කුමක් ද?
හිංසාවේ ආදීනව දැක එයින් බැහැර වීමේ සිතිවිලි
අධිප්‍රඥා ශික්ෂාවට අයත් කරුණු මොනවා ද?
ඉන්ද්රිය සංවරය යනු කුමක් ද?
සිතට ලැබෙන අරමුණු පාලනය කර ගැනීමේ හැකියාව
කායේන සංවරෝ සාධු යන ගාථාව ලියා දක්වන්න
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතෝ භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්චති
සම්මා වාචා යනු කුමක් ද?
නිවැරදි වචනය
- බොරු, පරුසවචන, කේලාම්, හිස් වචන නොකීම
- සත්‍ය වචන, අර්ථවත් වචන කතා කිරීම
සම්මා කම්මන්ත යනු කුමක් ද?
නිවැරදි කියා
- සතුන් නොමැරීම
- සොරකම් නොකිරීම
- කාමය වරදවා හැසිරීමෙන් වැළකීම
සම්මා ආජීව යනු කුමක් ද?
නිවැරදි දිවි පැවැත්ම
- භික්ෂුවක් නම් කුහනා, ලපනා ආදී විසි එක් වැදෑරුම් වංචනික ක්‍රියාවලින් වැළකීම
- ගිහියෙක් නම් දැහැමි ජීවන වෘත්තියක යෙදීම
ආජීව පාරිශුද්ධි ශීලය යනු කුමක් ද?
භික්ෂුවක් නැති ගුණ ඇඟවීමේ කුහනා, ලපනා ආදී විසිඑක් වැදෑරුම් වංචනික දුරාචාරවලින් වැළකී, දැහැමි අයුරින් සිව්පසය ලබා ජීවත් වීම
නිති පන්සිල් රකින පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන කොටස් සුරකින පුද්ගලයෙක් ද?