නීවරණ යනු මොනවා ද?
කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි
පංච නීවරණ නම් කරන්න
බුදුන් වහන්සේ කාමච්ඡන්දය උපමා කළේ කුමකට ද?
ජලයට යම් කිසි වර්ණයක් එක් කළ විට ඒ තුළ කිසිවක් නොපෙනෙන ආකාරයට
විචිකිච්ඡාව යනු කුමක් ද?
අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත හා අනාගත පැවැත්ම කෙරෙහි සිතේ ඇති වන සැකය
භාවනාවේ ආකාර දෙක කුමක් ද?
සමථ භාවනාව හා විදර්ශනා භාවනාව
සමථය යන්නෙහි සිංහල අර්ථය කුමක් ද?
සිත සන්සුන් කිරීම, විසිරී ඇති සිත එක්තැන් කිරීම
පාඩමේ සමථ භාවනාවේ ලක්ෂණ නිරූපණය සඳහා දී ඇති උද්ධෘත ලියා දක්වන්න.
'’භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායතාති භාවනා’‘
කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි
'’චිත්තං සමේතීති සමථෝ’‘
සිත සංවර කරන්නේ සමථයයි
සමථ භාවනාව හැඳින්වෙන වෙනත් නම් මොනවා ද?
චිත්ත භාවනාව, සමාධි භාවනාව
සිත දියුණු කිරීමේ පදනම කුමක් ද?
ශීලය
‘ශීලය’ යනු කුමක් ද?
කය වචනය සංවර කිරීම හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා හා සම්මා කම්මන්ත අනුව හික්මීම
සමාධි භාවනාවට යොමු වීම සඳහා ශීලයට අමතර ව තිබිය යුතු වෙනත් ගුණාංග මොනවා ද?
පුද්ගල චරිතය අනුව තෝරා ගත හැකි කර්මස්ථාන ගණන කීය ද?
40 යි
පුද්ගල චරිත කීය ද? ඒවා නම් කරන්න
හයකි,
මඟ පෙන්වීමකින් තොර ව සිව් මසක් තිස්සේ භාවනා කොට ප්‍රතිඵල නොලැබූ සැරියුත් තෙරුන්ගේ ගෝල හිමි නම කවු ද?
ස්වර්ණකාර හිමි
භාවනාවට පිවිසෙන තැනැත්තෙකු ඉටු කරගත යුතු පූර්ව අවශ්‍යතා මොනවා ද?
භාවනා කළ හැකි සතර ඉරියව්ව කුමක් ද?
බුද්ධ කාලයට පෙර සිටි ධ්‍යානලාභීන් සඳහා උදාහරණ මොනවා ද?
ආලාරකාලාම තවුසා කුමන අභිඥා ලාභියෙක් ද?
සප්ත සමාපත්ති ලාභියෙකි
බුදුරජාණන් වහන්සේ කිං කුසලගවේසී ව ගත කළ කාලයේ උන් වහන්සේට ඇදුරෙකු වූ අෂ්ට සමාපත්ති ලාභී තවුසා කවු ද?
උද්දකරාම තවුසා
සමථ භාවනාවෙන් දෛනික ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවා ද?