පරිසරය බෙදෙන ප්‍රධාන කොටස් දෙක කුමක් ද?
ලුම්බිණි සල් උයන පිහිටා තිබුණේ කුමන නුවරවල් දෙක අතර ද?
කිඹුල්වත් නුවර හා දෙව්දහ නුවර අතර
සිදුහත් කුමරාගේ ජීවිතයේ පරිසරය ආශ්‍රයේ සිදු වූ වැදගත් සිදුවීම් මොනවා ද?
සිදුහත් බෝසතාණන් වහන්සේ චරිතයේ පරිසරය ඇසුරු කරගනිමින් සිදු වූ සිදුවීම් මොනවා ද?
නේරංජනා නදී තීරයේ අලංකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
අරියපරියසේන සුත්‍රය
(maybe ‘ආර්ය පර්යේෂණ සූත්‍රය’ which could mean Lord Buddha’s attempt, the noble experiment to gain Nirvana)
අරියපරියසේන සූත්‍රයේ දී බුදුන් වහන්සේ නේරංජාව පිළිබඳ කළ ප්‍රකාශය කුමක් ද?
(This is not a must to study, but it could help with answering long-format writing questions)
’‘**මහණෙනි මම කුසලය නම් කුමක් දැයි සොයන සුලු වූයෙම්. මගධ දනව්වෙහි පිළිවෙළින් සැරි සරන්නෙම්, උරුවේලාවෙහි සේනානි ගම වෙතැ පැමිණියෙමි. එහි වූ සිත්කලු භූමි භාගය ද සිත පහදවන වන ලැහැබ ද සුදු වැලිතලා මැදින් නිවී සැනසිල්ලේ ගලා බස්නා මහා තොටුපළින් යුත් නේරංජනා නදිය ද එසේ ම හාත්පස වූ ගොදුරු ගම ද දුටුයෙමි. ඒ දුටු මට මේ අදහස් පහළ විය.
මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ද ඉතා ම ප්‍රසාදජනකයි. මනා කොට ඇති සුදු වැලිතලා මතින් ගලන නදිය ද සිත් සනසවනසුලු වෙයි. හාත්පස සොඳුරු ගම ද වෙයි. පධන් වීර්යය වඩන කුල පුත්‍රයෙකු හට ඒ සඳහා මෙයට වඩා සුදුසු තවත් තැනක් නැතැයි මට සිත් විය**’’
බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට පෙර දින දිවා විහරණය කළේ කොහේ ද?
භද්‍ර වනයේ
බුදුරජාණන් වහන්සේ පරිසරය ආශ්රිත ව දිවි ගෙවූ, පරිසරය අගය කළ අවස්ථා මොනවා ද?
බුදුරජාණන් වහන්සේට භද්දවග්ගිය කුමාරවරුන් මුණ ගැසුණේ කොහේ දී ද?
බරණැස සිට උරුවේලාවට වඩින මාර්ගයේ පිහිටි කැප්පෙට්ටියා ලැහැබක දී
බිම්බිසාර රජු බුදුන් වහන්සේ හමු වූයේ කොහේ දී ද?
රජගහ නුවර අසල පිහිටි තල් වනයක දී
සුදත්ත (අනේපිඬු) සිටුතුමා බුදුරදුන් බැහැ දැකීමට පැමිණියේ කොහේට ද?
රජගහ නුවර සීත වනයට
බුදුරජාණන් වහන්සේ රජගහනුවර හා අවට ප්‍රදේශ අගයමින් කළ වර්ණනාව කුමක් ද?
'’ආනන්දයෙනි, මේ රජගහනුවර සිත් අලවන සුලු ය. එසේ ම නිග්‍රෝධය සිත්කලු ය. චෞර ප්රපාතය සිත්කලු ය. වේහාර පර්වත පර්ශවයෙහි වූ සප්තපර්නී ගුහාව ද සිත්කලු ය. ඉසිගිලි පාර්ශවයේ කාලශිලාව ද සිත්කලු ය. ශීත වනයෙහි වූ සබ්බ සොණ්ඩික පබ්භාරය ද මනරම් ය. තපෝදාරාමය ද එබඳු ම ය. තව ද කන්දක නිවාපි නම් වූ වේළුවනයත්, මද්දකුච්ඡි නම් මුව වනයත් සිත් ඇදගන්නා සුලු ය. එපරිද්දෙන් ම ආනන්දය, ජීවකයන්ගේ අඹ උයන ද මනරම් ය’‘
පෙළ දහමේ වර්ණිත විශාලා මහනුවර පිහිටි රමණීය චෛත්‍ය මොනවා ද?
බුදුරජාණන් වහන්සේ නිහඬතාවය අගය කළ බවට උදාහරණ මොනවා ද?
බුදුරජාණන් වහන්සේ පරිසරයේ වෙසෙන සත්ත්වයන්ගේ ජීවිත ආරක්ෂා කළ අවස්ථා සඳහා උදාහරණ මොනවා ද?
බුදුරජාණන් වහන්සේ පරිසරය ආශ්රිත ව වස් විසූ අවස්ථා මොනවා ද?
බුදුරජාණන් වහන්සේ ඇතෙකුගෙන් හා වඳුරෙකුගෙන් උවටැන් ලැබූ වස්කාලය කුමක් ද?
පාරිලෙය්‍ය වනයේ ගත කළ දහවන වස් කාලය
බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරයේ වැඩ වසමින් කළ සූත්‍ර දේශනා මොනවා ද?
බුද්ධ චරිතය තුළින් පරිසර සුරක්ෂිතතාව සඳහා ගත හැකි ආදර්ශ පිළිබඳ කෙටි සටහනක් ලියන්න
(Haven’t answered yet)