ධර්ම සංගායනාවක් යනු කුමක් ද?
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සජ්ඣායනා කිරීම
ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශී කොට, වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරදි කොට, ඇති වන ධර්ම ගැටළු විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම
දැනට සිදු කර ඇති ථේරවාද සංගායනා ගණන කීය ද?
හයකි
දැනට සිදුකර ඇති ථේරවාද සංගායනා මොනවා ද?
භාරතයේ දී සිදුකළ හතරවන ධර්ම සංගායනාව හඳුන්වන නම කුමක් ද?
කණිෂ්ක ධර්ම සංගායනාව
වළගම්බා රජුට දෙවන වරට රජ වීමට උදව් කළ භික්ෂූන් වහන්සේ කවු ද?
කුපික්කල මහා තිස්ස තෙරුන්
වළගම්බා රජ සමයේ දී සම්බුද්ධ ශාසනයෙහි ලා මහා විහාරීය භික්ෂූන් වහන්සේලා අතින් සිදු වූ කාර්යභාරයට බලපෑම් එල්ල වූයේ කෙසේ ද?
වළගම්බා රජුගේ කාලයේ දී අභයගිරි භික්ෂූන් ගුරු කොට ක්රියා කළ හිමිගේ නම කුමක් ද?
ධර්මරුචි තෙරුන්
වළගම්බා රජු කුපික්කල මහා තිස්ස හිමියන්ට ප්රත්යුපකාරයක් ලෙස කරවා පූජා කළ විහාරය කුමක් ද?
අභයගිරිය විහාරය
වළගම්බා රජසමයේ ඇති වූ සාගතයේ නම කුමක් ද?
බැමිණිතියාසාගතය
වළගම්බා රාජ්ය සමයේ භික්ෂූන් වහන්සේලා බෙදී සිටි කණ්ඩායම් දෙක කුමක් ද?
අලුවිහාර සංගීතිය හෙවත් සිව්වන ථේරවාද සංගීතිය පැවැත්වීමට හේතු වූ කරුණු මොනවා ද?
හතරවන ථේරවාද සංගායනාව හඳුන්වන වෙනත් නම් මොනවා ද?
අලුවිහාර සංගීතියට අනුග්රහය දැක්වූයේ කවු ද?
ප්රාදේශීය පාලකයෙකි
අලුවිහාර සංගීතිය පැවැත් වුණේ කුමන සියවසේ ද?
ක්රි. පූ. පළවන සියවසේ
අලුවිහාර සංගීතියට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන කොපමණ ද?
පන්සියයකි
හතරවන ථේරවාද ධර්ම සංගායනාවේ ප්රතිඵල මොනවා ද?
භාරතයේ පැවති හතරවන ධර්ම සංගායනාව කුමක් ද?
කණිෂ්ක ධර්ම සංගායනාව
(සාර්වාස්තිවාදී සංගායනාවකි)
කණිෂ්ක ධර්ම සංගායනාව හඳුන්වන අනෙක් නම කුමක් ද?
සාර්වාස්තිවාදී සංගායනාව
කණිෂ්ක ධර්ම සංගායනාවට අනුග්රහය දැක්වූයේ කවු ද?
කණිෂ්ක රජු
කණිෂ්ක සංගායනාව පැවැත්වීමට හේතු වූ කරුණු මොනවා ද?
කණිෂ්ක ධර්ම සංගායනාවේ ප්රධානත්වය දැරූ හිමි නම කවු ද?
පාර්ශව තෙරුන්
කණිෂ්ක ධර්ම සංගායනාවේ සභාපතිත්වය දැරුවේ කවු ද?
වසුමිත්ර තෙරුන්
කණිෂ්ක ධර්ම සංගායනාවට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ගණන හා පැවැත්වූ කාලය කොපමණ ද?
සර්වාස්තිවාදී නිකායට අයත් උගත් භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනෙක් විසින් මාස හයක කාලයක් පවත්වන ලදි
(මෙයට සහභාගී වූ සියලු ම භික්ෂූන් වහන්සේලා බෝධිසත්ත්වවරුන් ලෙස සැලකේ)
සර්වාස්තිවාදී සංගීතියේ ප්රතිඵල මොනවා ද?