බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි උන්වහන්සේ හමුවට පැමිණ ලෝකයේ මිනිසුන් අතර වෙනස්කම් ඇති වීමට හේතුව විමසූ මාණවකයා කවු ද?
සුභ මානවකයා
සුභ මාණවකයා බුදුන් වහන්සේ හමු වී කළ ප්‍රකාශය කුමක් ද?
“භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත් වන හැම දෙනා ම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරු නොපැහැපත්. සමහරු පැහැපත්.මේ විදිහට අල්පේශාක්‍ය හා මහේශාක්‍ය, දුප්පත් හා පොහොසත්, සමාජ සම්මතයෙන් උසස් හා පහත්, නුවණ අඩු හා වැඩි මිනිස්සු ඉන්නවා. මේ විදිහට ලෝකේ මිනිස්සු අතර වෙනස්කම් ඇති වෙන්න හේතුව කුමක් ද?”
සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදන්නේ කුමක් මගින් ද?
කර්මය මගින්
කර්මය යනු කුමක් ද?
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ දේශනා කළේ කුමක් ද?
“මහණෙනි, මම චේතනාව ම කර්මය යැයි කියමි”
මිනිසුන්ගේ සචේතනික ක්‍රියා ප්‍රකට වන, කර්ම රැස් කරගන්නා, කර්ම ක්‍රියාත්මක වන දොරටු මොනවා ද?
කර්මය ක්‍රියාත්මක වන, ප්‍රකට වන දොරටු අනුව තෙවැදෑරුම් කර්මය නම් කරන්න.
අකුසල කර්ම යනු මොනවා ද?
සසර දුක් උපදවන, නරක, අවැඩදායක, සචේතනික ක්‍රියා
කුසල කර්ම යනු මොනවා ද?
දස අකුසල කර්ම නම් කරන්න
අකුසල මූල නම් කරන්න
ලෝභය යනු කුමක් ද?
සම්පත් පිළිබඳ ඇති ඇල්ම
ද්වේශය යනු කුමක් ද?
අන් අය කෙරෙහි ඇති විරුද්ධවාදී බව
මෝහය යනු කුමක් ද?
මුලාව හෙවත් පින් පව් විපාක නැතැයි සිතීම
කුසල මූල නම් කරන්න
විපාක දෙන කාලය අනුව කර්මය බෙදා ඇති ආකාර හතර නම් කරන්න
ප්රවෘත්ති විපාක යනු කුමක් ද?
උපතේ සිට මරණය දක්වා ලැබෙන්නා වූ කර්මානුරූපී විපාක
ප්රතිසන්ධි විපාක යනු මොනවා ද?
මරණින් මතු නැවත උපතක් ලබා දීමට අදාළ කර්මානුරූප බලපෑම
දිට්ඨධම්මවේදනීය කර්මයේ ලක්ෂණ මොනවා ද?
උපපජ්ජවේදනීය කර්මයේ ලක්ෂණ මොනවා ද?
උපපජ්ජවේදනීය කර්මයට අදාළ වන අකුසල පක්ෂයේ ක්‍රියා මොනවා ද?
පඤ්චානන්තරීය පාප කර්ම වන,
- මව මැරීම
- පියා මැරීම
- බුදුන්ගේ ලේ සෙලවීම
- රහතුන් නැසීම
- සංඝ භේදය
උපපජ්ජවේදනීය කර්මයට අදාළ වන කුසල පක්ෂයේ කර්ම මොනවා ද?
අපරාපරියවේදනීය කර්ම යනු මොනවා ද?
දෙවන ආත්ම භවයෙන් පසු කවර හෝ ආත්මභාවයක දී විපාක දෙන කර්ම
අහෝසි කර්ම යනු කුමක් ද?
නිශ්චිත අවස්ථාවේ දී විපාක දීමට ඉඩ නොලැබීමෙන් අවිපාක බවට පත් වන කර්ම