බුදුරජාණන් වහන්සේ ‘අචරිත්වා බ්රහ්මචරියං’ යන ගාථා දේශනා කළේ කවුරු අරබයා ද?
පාපමිත්ර ආශ්රය හා පාපතර නුසුදුසු පුරුදු නිසා පිරිහීමට පත් වූ සමකාලීන තරුණයෙකු අරබයා
‘අචරිත්වා බ්රහ්මචරියං’ යන ගාථාවල එන මහලු කොස්වා ලිහිණියා සහ මහ වනයෙහි ඇදවැටුණු ඊතලය උපමා කරන්නේ කුමකට ද?
‘අචරිත්වා බ්රහ්මචරියං’ යන ගාථා ඒවායේ තේරුම ද සමඟ ලියන්න1
අචරිත්වා බ්රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්චාව ඣායන්ති
ඛීණ මච්චේව පල්ලලේ
මෙලොව පරලොව සැපවත් බව මෙන් ම කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවය ද උදා කරන උතුම් සීලා දී පිළිවෙත්හි ද නොයෙ දී තරුණ වියේ දී උපන් ධනය රැක ගැන්මෙන් හා නූපන් ධනය ඉපදවීමෙන් ද තොර ව ජීවත් වන්නෝ වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන, පසුව දිය සිඳී ගිය පොකුණ දෙස බලා පසුතැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙන්නෝ ය. සුසුම් ලන්නෝ ය.
අචරිත්වා බ්රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපාති ඛීණාව
පුරාණානි අනුත්ථුං
උතුම් වූ, ශීලාදී ගුණධර්මයන් සම්පූර්ණ කිරීම ද නොකොට තරුණයෙකු ලෙස තම හැකියාව යොදවා ධනය උපයා ගැනීමෙහි ද නිරත නොවී කෙළි දෙලෙන් ජීවත් වන්නෝ දුන්නෙන් විදින ලද ඊතලය වේගයෙන් ගොස් වනයේ වැටී දිරාපත් ව යන්නාක් මෙන් වැඩිහිටි වයසට පත් වූ විට පෙර කළ කී දෑ සිහි කරමින් සුසුස් ලති. ශෝක වෙති. ජීවිතයෙන් පලක් නොලබති.
(ධම්මපදය - ජරාවග්ගය)
‘අචරිත්වා බ්රහ්මචරියං’ යන ඇතුළත් වන්නේ ධම්මපදයේ කුමන වග්ගයට ද?
ජරා වග්ගයට
‘උට්ඨානවතෝ සතිමතෝ’ යන ගාථාව එහි තේරුම ද සමඟ ලියන්න
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති
උත්සාහවන්ත වූ, මනා සිහිය ඇති, නිවැරදි දෙය පරීක්ෂාකාරී ව කරන, හික්මීමෙන් යුත්, දැහැමි ව ජීවත් වන තැනැත්තාගේ යසස වැඩෙන්නේ ය.
‘උට්ඨානවතෝ සතිමතෝ’ ගාථාව දේශනා කළේ කවුරුන් අරබයා ද?
උත්සාහය පෙරටු කොට, ගුණ නුවණින් ක්රියා කොට ජීවිතය ජය ගත් සමකාලීන තරුණයෙකු අරබයා
‘උට්ඨානවතෝ සතිමතෝ’ ගාථාවට අනුව යසස වර්ධනය කර ගැනීම සඳහා තිබිය යුතු ගුණ ධර්ම කීය ද? ඒ මොනවා ද?
හතකි,