රස ගුණ ඇති මැනැවින් සැකසූ ආහාරයක් තුළින් අපට ලැබෙන සම්පත් පහ කුමක් ද?
හැම කල්හි ම සිහියෙන් යුතු ව පමණ දැන ආහාර ගත යුතු බව දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
දෝණපාක සූත්‍රය
භික්ෂූන් වහන්සේලාගෙ පිණ්ඩපාත පරිභෝජනයට අදාළ ප්රත්යවේක්ෂාව කුමක් ද?
'’මම සිහි නුවණින් යුතු ව පිණ්ඩපාතය පරිහරණය කරමි. මා මේ ආහාර වළඳන්නේ ක්‍රීඩාව පිණිස නොවේ. මද වඩනු පිණිස ද නොවේ. කඩවසම් වනු පිණිස ද නොවේ. සිරුර සරසා ගනු පිණිස ද නොවේ. යම් තාක් මේ සිරුරෙහි යැපීම පිණිස පමණි. පිළිවෙත් පිරීමට උපකාරයක් ලෙස පමණි.”
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් අවිධිමත් සහ ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් කවු ද?
** ආහර හත්ථක ** යන්නෙහි අර්ථය කුමක් ද?
අනුන්ගේ උදව් නැති ව නැගිටින්නට බැරි තරමට අධික ව ආහාර ගන්නා තැනැත්තා
** අලංසාටක ** යන්නෙහි අර්ථය කුමක් ද?
ආහාර ගත් පසු ඇඳුම ඇඳ ගැනීමටවත් බැරි තරමට, ඇඳුම ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා
** තත්ථාවට්ටක ** යන්නෙහි අර්ථය කුමක් ද?
නැඟිට ගැනීමටත් බැරි තරමට කෑම ගෙන එහි ම පෙරළී සිටින තැනැත්තා
** කාකමාසක ** යන්නෙහි අර්ථය කුමක් ද?
කපුටෙකුට හොටය දමා ගැනීමට හැකි වන තරමට උගුරට ම පිරෙන තුරු ආහාර ගන්නා තැනැත්තා
** භුත්තවමිතක ** යන්නෙහි අර්ථය කුමක් ද?
අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට කෑමට ගිජු වූ තැනැත්තා
භික්ෂූන් වහන්සේලාගේ ආචාර ධර්මයන් අතර, බුදුරජාණන් වහන්සේ විසින් විනයෙහි අනු දැන වදාරා ඇති සිරිත් විරිත් හැඳින්වෙන නම කුමක් ද?
සේඛියා
සේඛියා දහමේ දැක්වෙන, ආහාර ගැනීමේ දී නොකළ යුතු දේ මොනවා ද?
පමණ දැන ආහාර ගැනීමට බුදුරජාණන් වහන්සේ අවවාද කළ රජු කවු ද?
කොසොල් රජු
සියලු බුදුවරුන්ගේ අනුශාසනය හැඳින්වෙන නම කුමක් ද?
ඔවාද ප්රාතිමෝක්ෂය
‘සුභානුපස්සිං විහරන්තං’ යන ගාථාව ඇතුළත් ධම්මපද වග්ගය කුමක් ද?
යමක වග්ගය
‘සුභානුපස්සිං විහරන්තං’ යන ගාථාව හා එහි තේරුම ලියන්න
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හිච අමතඤ්ඤුං
කුසීතං හීනවීරියං
තංවේ පසහති මාරෝ
වාතෝ රුක්ඛංව දුබ්බලං
යමෙක් තමා දක්නා රූපාදිය ප්‍රියමනාප වශයෙන් සලකමින් වාසය කෙරේ ද, ඇස් කන් නාසා දී ඉන්ද්‍රියයන්ට කැමැති සේ හැසිරෙන්නට ඉඩ දේ ද, ආහාරයෙහි පමණ නොදනී ද, කම්මැලි වේ ද, අඩු වීර්යය ඇත්තේ ද, ඒ පුද්ගලයා, සුළඟ විසින් දුර්වල ගසක් බිම හෙලනු ලබන්නා සේ, කෙලෙස් මරුවා විසින් බිම හෙලනු ලැබේ
ධම්මපදය - යමක වග්ගය