වැලිවිට සරණංකර හිමියන්ගේ උපත කවදා ද?
1698 ජුනි 18
සරණංකර හිමියන්ගේ ගිහි නම කුමක් ද?
කුලතුංග බණ්ඩාර
සරණංකර හිමියන් පැවිදි වන විට වයස කීය ද?
අවුරුදු 16
සරණංකර හිමියන් පැවිදි වූ විහාරස්ථානය කුමක් ද?
සූරියගොඩ විහාරය
කුලතුංග බණ්ඩාරගේ පැවිදි නම කුමක් ද?
වැලිවිට සරණංකර
සරණංකර හිමියන්ගේ ගම් ප්‍රදේශය කුමක් ද?
උඩරට, තුම්පනේ ප්‍රදේශයේ, වැලිවිට නම් ගම
සරණංකර හිමියන් ඉගෙන ගත් විෂයන් මොනවා ද?
සරණංකර හිමියන් ප්‍රසිද්ධ වූ වෙනත් නම් මොනවා ද?
සරණංකර හිමියන් ‘පිණ්ඩපාතික සරණංකර හිමි’ ලෙස හැඳින්වීමට හේතුව කුමක් ද?
පැවිදි වූ දා සිට පිඬු සිඟා වැඩීමෙන් යැපීම
සරණංකර හිමියන් ‘අසරණ සරණ සරණංකර හිමි’ ලෙස හැඳින්වීමට හේතුව කුමක් ද?
ගමින් ගමට වඩිමින් ධර්ම දේශනා පවත්වමින් අසරණයන්ට පිහිට වීම
සරණංකර හිමියන් විසින් පිහිටුවන ලද සංවිධානය කුමක් ද?
සිල්වත් සමාගම
සරණංකර හිමියන්ට උපසපන් භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවා ගැනීම සඳහා උදව් කළ රජු කවු ද?
කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සියම් රට රජතුමා විසින් මෙරට උපසම්පදාව ඇති කිරීම සඳහා එවන ලද භික්ෂු කණ්ඩායමේ නායක හිමි නම වූයේ කවු ද?
උපාලි හිමි
සියම් රට යන ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන නම කුමක් ද?
තායිලන්තය
සියම් රටේ සිට පැමිණි උපසම්පදාලාභී විසිනම අතින් සරණංකර හිමියන් ඇතුළු හය නමක් උපසපන් වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1753
සරණංකර හිමියන් ඇතුළු හය නම උපසම්පදා වීමෙන් පසුව මෙරට ඇති වූ නිකාය කුමක් ද?
සියම් මහා නිකාය
සරණංකර හිමියන්ට සඟරජ තනතුර පිරිනැමූ රජු කවු ද?
කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සරණංකර හිමියන්ගේ අනතිමානී ගුණය ප්‍රකට වන අවස්ථාවක් නම් කරන්න
උපසම්පදා වීමේ දී තමා ප්‍රමුඛස්ථානය නොගෙන සිලවත් සමාගමේ අනෙක් භික්ෂූන්ට මුල් තැන ලබා දීම
සඟරජ පදවිය ලබා සිය ආරාමයට වැඩි සරණංකර හිමි පිවිසුම් දොරටුවෙහි ලියා ඇලවූයේ කුමක් ද?
උඩඟු නොව මහණ යන වචන තුන
සරණංකර හිමියන්ගේ සේවාවන් මොනවා ද?
සරණංකර හිමි විසින් රචිත ග්රන්ථ මොනවා ද?
සරණංකර හිමියන් අපවත් වූයේ කවදා ද?
ක්‍රි. ව. 1778 ඇසළ පුර පසළොස්වක පොහෝ දින
සරණංකර හිමියන්ගේ චරිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශ මොනවා ද?
දුටුගැමුණු රජතුමාගේ සටන් පාඨය කුමක් ද?
“මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය”