බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නොකළ යුතු දේ හඳුන්වන නම් මොනවා ද?
විරිත්, විරමණ
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කළ යුතු දේ හඳුන්වන නම් මොනවා ද?
සිරිත්, සමාදාන
සීලයෙහි කොටස් දෙක කුමක් ද?
සමාදානය හා විරමණය
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සිල් රැකීමේ ආනිශංස මොනවා ද?
බුදුන් වහන්සේගේ කාලයේ සිටි සියලු ධනය අහිමි කරගෙන ඇඳි වතට පමණක් සීමා වූ සිටු පුත්‍රයා කවු ද?
මහධන සිටුපුත්‍රයා
සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇති භෝග විනාශයට හේතු වන කරුණු හය මොනවා ද?
යම් ක්‍රියාවකට නුවණැති අය නින්දා කරත් නම් එබඳු කුඩා වූ වරදකින් පවා වැළකීමට උත්සාහ කළ යුතු බව දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?
කරණීයමෙත්ත සූත්‍රය
මරණාසන්න මොහොතේ ඌරෙකු මෙන් කෑ ගසා දැඩි වේදනා විඳ මිය ගියේ කවු ද?
චුන්ද සූකරික
මරණාසන්න අවස්ථාවේ දී සුගතිය දැක සිහියෙන් කලුරිය කළ උපාසකයා කවු ද?
ධම්මික උපාසක
‘යෝ චේ වස්සසතං ජීවේ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න1
යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීල වන්තස්ස ඣායිනෝ
දුශ්ශීල ව නොසන්සුන් සිත් ඇති ව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිලවත් ව සන්සුන් සිත් ඇති ව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ය
(ධම්මපදය - සහස්ස වග්ගය)
‘යෝ චේ වස්සසතං ජීවේ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න2