පද්මාකාර ජීවිතය යනු කුමක් ද?
නෙළුම් මලක් මඩෙහි ඉපි ද, මඩෙහි හැදී වැඩී, ඉන් ඉහළට මතු වී තිබෙන්නාක් මෙන් රාගා දී කෙලෙස් මළ සහිත සමාජයක ඉපදුන ද කෙලෙස්වල නොගිලී, නික්ලේශී ජීවිතයක් ගත කිරීම
මිනිසුන්ගේ අංග ලක්ෂණ බලා ඔවුන් හැඳිනගත හැකි ශාස්ත්‍රයක් දැන සිටි බමුණා කවු ද?
ද්‍රෝණ බමුණා
බුදු රජාණන් වහන්සේගේ පා සලකුණු පසුපස ගොස් උන් වහන්සේ ‘දෙවියෙක් ද? ගාන්ධර්වයෙක් ද? යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යැයි අසා සිටි බමුණා කවු ද?
ද්‍රෝණ බමුණා
පද්ම උපමාව අනුව බුදුරදුන් වදාළ ත්‍රිවිධ පුද්ගලයන් නම් කරන්න
ගඟ පහළට ම ඇදී යාම හෙවත් සත්‍ය ලෝක ස්වභාවය වන අකුසලයෙන් අකුසලයට යාම හැඳින්වෙන නම කුමක් ද?
අනුසෝතගාමී
උඩු ගං බලා යාම හෙවත් සමාජ බහුතරය විතැන් වන අසාරත්වයේ මාර්ගය පසෙක ලා දූෂිත සමාජයේ අදූෂිත පුද්ගලයෙක් වීමට, දුසිරිත්, අකුසල් හා පව්කම් කරන්නවුන් අතර සුසිරිත් පුරන, කුසල් හා පිංකම් කරන පුද්ගලයෙක් වීම හැඳින්වෙන නම කුමක් ද?
පටිසෝතගාමී වීම
(පද්මාකාර ජීවිතය අනුගමනය කිරීම)
බුදුන් වහන්සේ තමා ගත කරන පද්මාකාර ජීවිතය පිළිබඳ කළ ප්‍රකාශය කුමක් ද?
“වෛර කරන්නවුන් අතර වෛර නොකර අපි සුව සේ වසන්නෙමු. රාගාදී කෙලෙස් නිසා රෝගී වූ මිනිසුන් අතර අපි කෙලෙස් ලෙඩ නොමැති ව සුව සේ වසන්නෙමු. නීරෝගී ව ජීවත් වන්නෙමු. පස්කම් සැප සෙවීමෙහි ම උනන්දු වන්නන් අතර එබඳු උනන්දුවකින් තොර ව සුවසේ ජීවත් වන්නෙමු. උත්සුක මිනිසුන් අතර අනුත්සුක ව වාසය කරන්නෙමු.’
‘සුසුඛං වත ජීවාම’ යන ගාථාව හා එහි තේරුම ලියන්න
සුසුඛං වත ජීවාම
වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු
විහරාම අවේරිනෝ
අපි වෛර කරන්නවුන් අතර අවෛරී ව සුව සේ වාසය කරන්නෙමු
(ධම්ම පදය - සුඛ වග්ගය)