'’ගෞතමයන් වහන්ස, ඇතුළත අවුල් ය; පිටත ද අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේ ද?”
මෙයට බුදුරදුන් දුන් පිළිතුර කුමක් ද?
“ශීල සංවරයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩන, බුද්ධිමත් වූ, දක්ෂ වූ, කෙලෙස් නසන වීර්යය ඇති, විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වූ තැනැත්තා මේ අවුල් සියල්ල නිරවුල් කර ගන්නේ ය.”
රාගා දී කෙලෙස් මූලයන් උදුරා දමන නුවණ හඳුන්වන නම කුමක් ද?
විපස්සනා ඤාණය
විපස්සනා හෙවත් විදර්ශනා යන්නෙහි අරුත කුමක් ද?
බුදු දහමේ විදර්ශනා භාවනාව අර්ථ දක්වා ඇත්තේ කෙසේ ද?
විසේසේන පස්සතීති විපස්සනා
විශේෂ වශයෙන් බලයි, දකියි යන තේරුමෙන් විපස්සනා නම් වේ
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන විට දෙවි කෙනෙකු හා බුදුරජාණන් වහන්සේ අතර ‘අවුල් නිරවුල් කර ගැනීම පිළිබඳ සංවාදයක්’ ඇති විය. මෙහි අවුල් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ බුදු දහමේ හඳුන්වා දී ඇත්තේ කෙසේ ද?
පඤ්ඤා යනුවෙන්
විදර්ශනා භාවනාව ප්‍රඥා භාවනාව ලෙස ද හැඳින්වෙන්නේ ඇයි?
ලෝකය හා ජීවිතය පිළිබඳ ඇති කර ගත හැකි දෙයාකාර අවබෝධය කුමක් ද?
සම්මුති සත්‍යාවබෝධය යනු කුමක් ද?
සාමාන්‍ය ලෝක ව්‍යවහාරය, මිනිසුන් අතර ඇති එකඟතාව
පදාර්ථය සෑදී ඇති සතර මහා භූතයන්* නම් කරන්න
*භූත + ය = භෞතික ස්වරූපයේ**
පරමාර්ථ සත්‍යාවබෝධය යනු කුමක් ද?
විපස්සනාව හෙවත් ප්‍රඥාව ලබා ගැනීම, යථාවබෝධය
බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර ඇති ස්කන්ධ පහ මොනවා ද?
රූප ස්කන්ධය යනු කුමක් ද?
වේදනා ස්කන්ධය යනු කුමක් ද?
සඤ්ඤා ස්කන්ධය යනු කුමක් ද?
සංඛාර ස්කන්ධය යනු කුමක් ද?
විඤ්ඤාණ ස්කන්ධය යනු කුමක් ද?
විදර්ශනා භාවනාව ත්රිලක්ෂණ භාවනාව ලෙස හැඳින්වෙන්නේ ඇයි?
විදර්ශනා භාවනාව වැඩිය යුත්තේ කෙසේ ද?
- ත්රිශික්ෂාව හා ත්රිලක්ෂණය අනුගමනය
බුදුරජාණන් වහන්සේ නිවනට මග යැයි සඳහන් කරමින් ත්රිලක්ෂණය පිළිබඳ කළ දේශනය කුමක් ද?
යම් කලෙක ආර්ය ශ්රාවකයා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සංස්කාර ධර්මයන් අනිත්‍ය යැයි ද, අනිත්‍ය බැවින් දුක් සහිත යැයි ද, දුක් සහිත බැවින් අනාත්ම යැයි ද මනා නුවණින් දකී ද, එය ම විශුද්ධිය වූ නිවනට මග වේ
(ප්‍රඥාවෙන් විමසා බලා ඇති කරගන්නා තිලකුණු අවබෝධය)
විදර්ශනා භාවනාව හැදින්වෙන වෙනත් නම් මොනවා ද?
යථාභූතඤාණ දස්සනය යනු කුමක් ද?
ඇත්ත ඇති සැටියෙන් දැකීම
ත්රිලක්ෂණ අවබෝධ කරගැනීම මෙලොව ජීවිතයට ඵලදායී වන ආකාර මොනවා ද?